ශශී
නිහඬ අරගලය නුඹ
මුද්‍රා තැබූ හදවතක 
රුදුරු හිරු එළිය නුඹ
නිසල සඳ වත දවන

ඝනාන්දකාරය නුඹ
තරු එළිය විසුනු කළ
රුදුරු ජල තරඟ නුඹ
සිත් ඉවුර දෙකඩ කළ....




ගොම්මන් පාළුව. මුහුදු වෙරළක, විසාල ගස් තියෙන උද්‍යානයක නැත්නම් වැවක් ළඟ පාළුව විඳලා තියෙනවද.... වටේ පිටේ කොච්චර සෙනඟ හිටියත් මේ වගේ තැනක හවස් යාමෙදි තනි උනහම රසම රස පාළුවක් විඳින්න පුළුවන්.
                  මේ තියෙන්නෙ "zසූරිච් සේ" කියන වැව. Zසූරිච් සහ ශාන්ත ගාලන් දිස්ත්‍රික්ක දෙකේ සීමාව වෙන් වෙන ස්ථානයක්. අර ඈත කඳු යාය පේන්නෙ zසූරිච් නගර සීමාවේ. මම දැන් ඉන්නෙ මෙහා සීමාවේ රප(ර්)ස්විල් කියන නගරයේ. හරියට ආදරේ වගේම කියලා හිතෙනවා මට. ඇය එහා කොණේ. මම මෙහා කොණේ. ඒත් මේ වැව කියන සුන්දරම අභියෝගය ජය ගන්න ඕනෙ එහා කොණෙට යන්න නම්............
                        ඒ හැන්දෑව සීතල හවසක්. ගිම්හාන කාලෙ උනාට හීතල පිණි බිංදු ඇඟ දැවටුණු හවසක්. ඇති වෙන්න නෑවා මේ වැවේ. නාල එද්දි ඉරත් බැහැ ගෙන ගිහින් ... ඉර බැහැගෙන යන දිහා මොහොත බලාගෙන ඉඳපු මම මේ වතුරෙ සුවඳයි, මේ ඉර මඬලයි එක්ක පාවෙලා ආවා හදවතින් ලංකාවට....
                        ලංකාවෙ මුහුදු වෙරළක ගොම්මන විඳිනවා වගේම තමයි. ආයෙත් ලංකාවට ඇත්තටම යන්න හිතක් නැද්ද මන්දා මට.  අනේ මන්දා. හිතට එන්නෙ දුක්බරම සිතුවිලි..... මේ වැව ඉවුරෙ ඉඳගෙනම ලිව්ව හිතට ආපු සිතුවිල්ලක්.....                     
10 Responses
  1. Anonymous Says:

    හරිම ලස්සනයි යාළු! :)


  2. ලස්සනයි

    (මටත් යන්න ඕනි ඔහේ )



  3. වැව ලස්සනයි..හුලඟ ශීතලයි...


  4. සාංකාව රොමෑන්ටික් ලෙස.........


  5. ශශී Says:

    හිරු හිමාවී - ස්තූතීයී යාළුවා.

    ලක්ශ් - යන්න ආසයි. ඇත්තට? කවුදෝ කෙනෙක් මම මේ ෆොටෝ ෆේස් බුක් එකේ දැම්මහම කිව්වනෙ, මේ මොනාද මේ තණකොළ විතරයි නෙ කියලා.

    මිලාන් වලින් උදේ 9. 30 ට තියෙනවා zසූරිච් යන ට්‍රේන් එක. zසූරිච් බහිද්දි 1 වෙනවා. යුරෝ 60 ක් විතර මිලානෝ ඉඳන්. බෑග් එහෙකට ඇඳුම් කඩමාලු ටිකකුයි වතුර බෝතලයකුයි අරගෙන නැග්ගා ට්‍රේන් එකේ. ගියා තනියම.

    රත්ගමයා - තැන්කු බන්:)

    අමිල - ඔව් හරිම හීතලයි වතුරෙ බැහැල ඉඳලා ගොඩට ඇවිත් ඒ හුළං වැදුනහම මරු ආතල්.

    සුමිත් - පාලුව , සාංකාව හැමදේම සුමිත් අයියෙ.


  6. මට මේ බ්ලොග් එක මීට කලින් කියවන්න ලැබිලා නැහැ වෙන්න ඕනේ.... හෙමින් සැරේ කියවලා බලන්නම් මිත්‍රයා :)


  7. ශශී Says:

    Hasitha -හොඳයි හොඳයි සාදරයෙන් පිළිගන්නවා :)


  8. zරිච් යුනිවර්සිටිය තියෙන්නෙත් ඔහේ නේද.. අම්මප මගෙත් ආසාවක් වැස්සකට හරි ඔතනට ගොඩවෙන්න.


  9. ශශී Says:

    දූපත් වැසියා - ඔව් ඒ අර කඳු යායට එහා පැත්තෙ. මම හිතන්නෙ ඔබ කියන්නෙ අර අමාරු විද්‍යා විශයන්ට සම්බන්ධ යුනිවසිටි වෙන්න ඇති.


Post a Comment