ශශී

ඔන්න ඉතින් රස්නෙ කාලෙත් පටන් ගත්තා. වටේ පිටේ ටිකක් ඇවිදින්න යන්න, මුහුදේ නාන්න යන්න රස්නෙ කාලෙ එනකන් කට්ටිය ඇඟිලි ගැන ගැන තමයි බලන් ඉන්නෙ....
                 කොහොමින් කොහොම හරි පහුගිය දවසක මාත් මගෙ මිතුරන් කීප දෙනෙකුත් එක්ක ගියා පොඩි සංචාරයක්. හරියටම කියනවනම් මම ජීවත් වන නගරයටම අයත් ලස්සන දූපතකට.....මේ දූපතට යාම සඳහා මේ නගරයේ සිට පැයක පමණ කාලයක් බෝට්ටුවක යාත්‍රා කළ යුතුයි. අපේ ගමන සඳහා මේ දූපත තෝරා ගැනීමට එක අරමුණක් උනේ මෙහි සේද රෙදි කර්මාන්තයට ප්‍රසිද්ධ නිසා. පාරවල් දෙපස රෙදි සහ නූල් ආදී කළමනා තබාගෙන සංචාරකයන්ගේ රිසිය අනුව ලේන්සුවේ සිට මනාලියන්ගේ ඇඳුම් දක්වාම විවිධ දෑ මොවුන් නිර්මාණය කරනවා.
           නමුත් අපේ මූලික අරමුණ උනේ සේද රෙදි නැරඹීම පමණක් නොවේ. ඊටත් වඩා මේ දූපතේ විශේශත්වයක් තියෙනවා. ඒ තමයි මේ දූපතේ තනා ඇති සෑම නිවසක්ම එයට ආවේණික වූ වර්ණයකින් වර්ණ ගන්වා තිබීම. මෙය වර්ණ දූපත යනුවෙන් හඳුන්වන්නේ මේ නිසායි.
      මෙහෙම කිව්වට වැඩක් නැහැනෙ. ෆොටොස් වගයක් තියෙනවා. බල බලම කථා කරමු.( ඔයාලට ෆොටෝස් පේනවා පොඩි වැඩීයි නම් ඒක උඩ ක්ලික් කරන්න. )  මේ තියෙන්නෙ අපි ගමන ආරම්භ කරපු තැන. - වෙනිස් ශාන්ත සකරියා බෝට්ටු නැවතුම.

තට්ටු දෙකකින් යුකත වූ බෝට්ටුවේ අපි ගියේ උඩ තට්ටුවේ... මේ ඉන්නෙ තවත් මඟීන් කිහිප දෙනෙක්.
ගමනේ භාගයක් අවසන්. ඈත පේන්නෙ ඉස්සරහට එන නැවක්.
නැව තව ටිකක් ළඟට ආවහම.
පාට දූපතට ළං වෙනකොට.
දැන්නම් බහින්න ළඟයි.
දූපතේ ඇති වර්ණ ගැන්වූ නිවාස වල චායාරූප කිහිපයක්.
නිදහස් චතුරස්‍රයක ඇති අවන්හලක්.
දූපත තුල ඇති කුඩා ඇළ මාර්ග.( ලංකාවේ මුහුද වෙරළට ගියහම දැනෙන ඒ කරදිය සුවඳ ලුණු මිශ්‍ර සුවඳ ඒ වගේම මෙතනත් දැනෙනවා )
දූපතේ ඇළ මාර්ගයක් ඔස්සේ පෙනෙන ඈත ක්ශිතිජය.
මේ චිත්‍රයක් එහෙම නෙමේ.
හප්පා...... ඇවිදලා, ඇවිදලා මහන්සියට පිත්zසා කෑල්ල්කුයි, කොකා කෝලා ටින් එකකුයි අරන් ඉඳ ගත්තා මේ ගස් හෙවණේ.  (දේශ ද්‍රෝහී තොප්පිය දාන්න එහෙම එපා කොකා කෝලා බිව්වා කියලා ) මොනා කරන්නද ඉතින්. උශ්ණත්වයත් සෙල්සියස් අංශක 29 යි. කොච්චර රස්නෙ උනත් හොඳට දුරු මිරිස් දාල ඒදපු පරිප්පු හොද්දකුයි අච්චු පාන් හත අටකුයි තිබ්බා නම් කියලා අපිට හිතුනා.
ආපහු එමින් ගමන් බෝට්ටුවේ.
හොඳයි මේ දූපතේ නම තමයි බුරානෝ. ඔයාලට ත් ගූග්ල්, යූ ටියුබ් එහෙම සර්ච් කරල බැලුවොත් තව තවත් විස්තර දැන කියා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අදට නවතින්නම්.
4 Responses
  1. හ්ම්ම්ම් මොනා උනත් අනිත් නගර වලට වඩා මේ දුපත පිලිවට පිරිසිදුවට තියන් ඉන්නවා වගේ හ්ම්ම් බොහොම ස්තුතියි


  2. ශශී Says:

    ඇත්තටම මල්ලි පිරිසිදු කම පිළිවෙල නම් ගොඩාක් අගය කරන්න ඕනෙ. සංචාරකයන් බහුලව ගැවසෙන තැනක් වුනු මෙතන පිළිවෙලට තියා ගන්න එක අමාරු උනත් නියම ක්‍රමවේදයකින් පිරිසිදු කම පවත්වාගෙන යනවා...



  3. ශශී Says:

    ehenam sadaranayek piligannawa warna :)


Post a Comment