ශශී

නිවන් සුව විඳින ස්ථානය යනුවෙන් දක්වා ඇති පුවරුවකි. එයට ඇතුළු වන ගේට්ටු 3, 4 ක්ද ඇත. ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්, කලාකරුවන්, ප්‍රභූන් නිවන් විඳීම සඳහා ඇතුළු වන ගේට්ටුව අසල දන්නා කියන මුහුණු දෙක තුනක් තිබුනු බැවින් ඒ පැත්තට ගමන් කළෙමි. හදිසියේම ඒ ගේට්ටුවෙන් නිවන් සුව ලබන පිණිස ඇතුළු වීමට සුද්දෙක් ඇවිත් බව ආරංචි වීමත් සමඟම කට්ටිය උන් තැන් වලින් නැඟී සිටින්නට විය. බහුතරයක් ඉන්දියන් කාරයන්, චීන්නුන්, ජපනුන්, භූතාන කාරයන්, නේපාල කාරයන් සිටින මේ ගේට්ටුවෙන් සාමන්‍යයෙන් නිවන් සුව විඳින්නට එන්නේ බෞද්ධයන් බැවින් මෙයින් සුද්දෙක් ඇතුළු වීම නිල් අහසේ හෙණ ගහනවා වැනි විරළ සිදුවීමකි.                     කොහොමත් නිවන් සුව විඳින ඇතුලට ගන්නේ සති දෙකකට සැරයක් බැවින් කට්ටිය කට්ට කාගෙන බලා සිටිය යුතුය. ගන්න දවසෙ උනත් කට්ටිය පෝලිම් වී සිටියත් කාට කාට මුලින් ඇතුළට ය හැකි වේදැයි දන්නේ දෙයියන් පමණය.හදිසියේ සීනුව නාද විය. කට්ටිය ඇතුළට ගන්න වෙලාව පැමිණ ඇත. සති දෙක තුනක් කට්ට කාගෙන හිටපු ජෝ අභේව්ක්‍රම මහතා ද, කේ ජයතිලක මහතාද දාඩිය පිසිමින් ගේට්ටුවට ළං වෙන්නට විය..හදිසියේම යකඩ කටින් මුලින්ම ඇතුළට යන්නාගේ නම නිවේදනය වන්නට විය. "ස්ටීව් ජොබ්ස්"මෙය නම් අරුමයකි. සති දෙකක් ගේට්ටුව ලඟ රස්තියාදු වෙමින් හිටපු අපේ දෙදෙනා මේ වෙන අසාධාරණය කුමක් දැයි කල්පනා කරමින් ඉද්දීම ඉන්දියන් කාරයන්ගේ චියර් එක මැද්දේත්, චීන්නුන්ගේ රැවුම් ගෙරවුම් මැදත් "ස්ටීව් ජොබ්ස්" ආරක්ශකයන් දෙදෙනෙකු ද සමඟින් ඉදිරියට එන්නට විය.. සියළු දෙනාටම ආචාර කරමින් ඉදිරියට පැමිණි ස්ටීව් ගේට්ටුව අසළම උන් අපේ දෙදෙනා දැක ශ්‍රී ලංකාවේ නේදැයි මහත් භය භක්තියෙන් යුතුව විමසීය.අපේ දෙදෙනා ඔව් යනුවෙන් පවසන කොටම ස්ටීව් විසින් ඔවුන් දෙදෙනා බදාගෙන, තමන් ලංකාවට බෙහෙවින් ආදරේ බවත්, ලංකාවෙ මිනිස්සුන්ට තමන් ඉතාම ආදරේ බවත් කඳුළු සල සල පවසන්න්නේය. තමන්ට ආයෙ ඉපදෙන්න චාන්ස් එකක් ආවොත් තමා ඉපදිය යුත්තේ ලංකාවේ පමණක් බවද ඔහු ස්ථීර අධිශ්ඨානයෙන් යුතුව කියා සිටියේය. "මම මැරුණහම මට නිවන් සුව පතපු පැතිල්ල හින්ද මම අද මේ ගේට්ටුවෙන් මුලින් යන්නෙ.. ලංකාව නැත්තන් මාත් පැය ගානක් මහ පාරෙ, නොදැකපු මට මෙහෙම විශ් කොරානම් තමුන්ට කොහොම නිවන් පතන්න ඇත්දැයි ආවේගශීලීව පැවසුවේ හරියට ජේවීපී රැස්වීමක කතිකයෙක් වගේය. ආරක්ශකයන් දෙදෙනා විසින් ඔහුව ඇතුලට කැඳවා ගෙන යන තෙක්ම "ශ්‍රී ලංකාවට ජය වේවා" යනුවෙන් ඝෝරනාඩු කරන්නටද විය.මෙයින් පසු අපේ දෙදෙනා එතැන සිටිය බොහොමයක් ඉන්දියන් කාරයන්ගේ ඊර්ශියාවට බඳුන් වූ අතර ජපනුන් ගේ සුභ පැතීම්, ලංකාව ගැන කරන වර්ණනා වලට සවන් දීමටද සිදු විය. මේ සිදුවීමෙන් මොහොතකට පසු තවත් අමුත්තෙක් අපේ දෙදෙනාට ලං වෙන්නට විය. බැලින්නම් ඒ ටයි අන්කල් ය.. මේ සිද්දිය කෙටියෙන් ටයි අන්කල්ට විග්‍රහ කළ කේ ජයතිලක මහතා කට්ටියට ඇතුළට යාමට තව කාලන්තරයක් බලා සිටීමට සිදු වෙන බව දන්නා නිසා අසල ගසක් මුළට ගොස් සිංදුවක් වත් කියමුයැයි දෙදෙනාට යෝජනා කරන්නට විය.....සෑහෙන කට්ටක් කාපු නිසා මුලින්ම බිම වාඩි වූ ජෝ අභේවික්‍රම මහතා ගීතයකට මුල පුරන්නට විය."ස්ටීව් ජොබ්" හට නිවන් පතන්නැතිඇපල් නැති උනුත් ලංකාවේනිවන් විඳින්නට විශ් මඳි වෙන්නැති ඒකයි අපි මේ මහ පාරේ"

5 Responses
  1. උඹට කියන්ඩ මචං මම ඇපල් ගෙඩියක් අන්තිමට කෑවේ ගිය අවුරුද්දේ .මම ඔය ඇපල් සමාගමේ බඩ්ඩක් ටීවේ එකෙන් ඉන්ටර්නෙට් එකෙන් ඇරෙන අතින් අල්ලලාවත් හෛහමං විදිහට ඇහැට දැකලාවත් නෑ ඒත් අනේ මම ජොබ්ස් ට නිවන් සුව පැතුවා ..

    එල එල . ආයෙත් ලියන්න ආඅපු එක නම් එල ..

    මමත් බ්ලොග් ලියන්නෙක් නිසා දැම්ම මැරුනොත් අපේ බ්ලොග් ලියන කිවන ඈයොන්ගේ පැතුම් පොදක පවර් එකෙන් මටත් ඔතනට ආවහැකි . බලන්නද ට්‍රයි එකක් දීලා ?



  2. ශශී Says:

    හිස් අහස - කවුරු මැරුනත් සඳරුවෝ උඹ නම් මැරෙන්න එපා කියන තැනකට වඳින්නම්...මොනවා උනත් ඒ මනුස්සයට මාත් විශ් කලා

    ඔබ නොදුටු ලොවක් - ස්තුතීයී ඔබේ ප්‍රතිචාරයට


  3. මචන් එල ලස්සනට ලියල තියෙනවා.භාගයක් කියවනකන් හිතාගන්න බැරි උනා මොකක් ගැනද තියෙන්නේ කියල


  4. Anonymous Says:

    puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube


Post a Comment