ශශී
මේ සටහන ලියන්න මට සිත් උනේ කාලෙකින් හම්බුනේ නැති ඉස්කෝලෙ කාලෙ හොඳම යාළුවෙක් ලඟදි ෆේස් බුක් එකේදි හම්බ වෙලා චැට් එකක් දැම්මට පස්සෙයි...අමතක වෙලා තිබුනු හොඳම යාළුවන්වත් ෆේස් බුක් හින්දා පහු ගිය කාලෙ හම්බුනානෙ. විශේශයෙන්ම ඉස්කෝලෙ කාලෙ යාළුවො...චැට් එක පටන් ගත්තු ගමන්ම මම ඇහුවෙ
''කෝ උඹේ ලව් එක? මොකද ඒකට උනේ කියලා''?
ඇත්තටම අපි ඒලෙවල් කරන කාලෙ ගොඩක් ප්‍රසිද්ධ ආදර කතාවක් ඒක ...
'' මේකනෙ ශශිකයා උනේ. අපි දෙන්න එක්සෑම් ඉවර උනාට පස්සෙ වෙන් උනා බං''
මෙන්න මේකා එහෙම කියපි... ආදර කතාව ඉවර උනා කියලා අපි දැනගෙන හිටියත් හරියටම මොකද උනේ කියලා අපි ඒ කාලෙ දැනගෙන හිටියෙ නැහැ...ඒ හින්දා මගෙන් ප්‍රශ්ණ කෝටියයි.
''කවුද නැවැත්තුවෙ? ඇයි නැවැත්තුවෙ? කින්ද ? මන්ද''?
''නැහැ බං කාගෙවත් අතේ වරදක් නෑ. අපි දෙන්නම කතා කරලා තමයි නැවැත්තුවෙ''.
කියලා තවත් මොනාදෝ දෙයක් නොකියා නැවැත්තුවා වගේ මට දැනුනා....සමහර වෙලාවට කෙල්ල සල්ලිකාර පවුලක හින්ද වෙන්න ඇති. මටනම් හිතුනෙ එහෙමයි. ඒත් උඹ නොකියපු දේ ඒක නම් ඔන්න මම තවත් ඒ ගැන අහන්නෙ නෑ.


''ඉතිං බං ඊට පස්සෙ උඹට කෙල්ලව සෙට් උනේ නැද්ද?''
'' මීට අවුරුදු දෙකකට විතර කලින් හම්බුනා බං''
''නෑ මරුනෙ බං ඉතිං..කොහෙදිද''?
''හ්ම්ම් මම දවසක් කුලියාපිටියෙ ක්ලාස් යද්දි බං..ඒකි දැන් බැඳලා කොල්ලත් එක්ක හිටියෙ..ළමයි දෙන්නෙකුත් ඉන්නවලු බං...''
''අප්පට සිරි.. එපා වෙනවනෙ.. උඹ ඉතිං කතා කළාද''?
''ඔව් බං..එයත් කතා කලා. මාත් කතා කලා. වැඩි දෙයක් නෑ.. එයා යන්නම් කියල යන්න හදුවා. මාත් යන්නම් කියල එන්න ආව.''
ඇත්තටම මෙහෙම කියද්දි මටත් මාර දුක හිතුන.. ඒත් මේ වගේ දුක්බර අවසානයක් තියෙන හැඟීම්බර ආදර කතා වලට මම හරි ආදරෙයි....
''ඉතිං උඹට දුක හිතුනෙ නැද්ද''? ...... මගෙන් ආයෙත් ප්‍රශ්ණයක්...
''දුක ...දුක නම් මොනාද බං''?
'' මචං මේ අහපන්. අපිට මතකනෙ බං උඹල දෙන්න ලව් කරපු හැටි. ෆුල් සීරියස් නෙ. ඉතිං එහෙම එකේ බං අඩුම තරමෙ උඹල දෙන්නට යාළුවො වගේවත් ඉන්නනෙ තිබ්බෙ ... කෙල්ලව දැන් ආයෙත් කන්ටැක්ට් කර ගන්න විදිහක් නැද්ද''?
''එහෙම කර ගන්නනම් තිබ්බා.. ඒත් පරණ දේවල් මතක් වෙන හින්දා මම එහෙම ඉන්න කැමති නෑ බං''
''හ්ම්ම්ම් ඕකේ ඕකේ....අපි දැන් ඒලෙවල් කරලා අවුරුදු 6 ක් ඉවර වෙන්නත් ලඟයි නෙ....උඹ කෙල්ලව සිරාවටම අමතක කරලද ඉන්නෙ''?
''අනේ මන්දා බං...අදටත් වෙන්නප්පුව බස් ස්ටෑන්ඩ් එක දකිද්දි අපි මෙතනින් බස් එකට නැඟලා පන්ති ගිය හැටි, අපි දෙන්න ඉස්සරහින් යද්දි උඹල ගැන්සිය අපිට විහිළු කර කර පිටි පස්සෙන් ආපු හැටි, අපි දෙන්න ක්ලාස් ඇරිලා මඟින් බස් එකට නඟිනකන් උඹලා අපි දෙන්නට සීට් එකක් අල්ලගෙන හිටිය හැටි, මීගමු ක්ලාස් යන කාලෙ අපි ඇවිදපු තැන් අදටත් දකින කොට පපුව දාලා යනවා බන්......''


මටත් මේක අහලා දැන්නම් ටිකක් ඇඩෙන්න වගේ...පොර හොඳටම හැඟීම්බර වෙලා....දැන් දැන් ටයිප් කරන වේගෙත් බාල වෙලා.....මගෙත් පපුවෙ මොනාදෝ හිර වෙලා වගේ...කමක් නෑ කියලා ඒ වෙලාවෙ හොඳද නරකද කියලා බලන්නෙ නැතුව හිතට ආපු අන්තිම ප්‍රශ්ණෙත් මම ඇහුවා.


''උඹ කෙල්ලට තාම ආදරේද''?
''ශශිකයා එපා බං :@ :@''
ඊට පස්සෙ මම සොරි බං කියල ලියල යවන්න හදද්දිම


-HE  APPEARS TO BE OFFLINE-


කියලා වැටුනා චැට් බොක්ස් එකේ. ඇත්තටම මටත් ගොඩාක් දුකයි. ඒ වෙලාවෙ මගෙ යාළුවා හිතින් ගොඩාක් වැලපෙනවා ඇති, හදවතින් අඩනවා ඇති කියලා මට හිතුනා... මට ඒ වෙලාවෙ එයා විඳපු හැඟීම මටත් දැනුනා වගේ. මම හිතින් ඒ හැඟීම වින්දා. ඇස් වල නැතත් හදවතේ කඳුළු පුරෝගෙන...ඒ දෙන්නගෙ ආදර කතාව ඇත්තටම ලස්සන එකක් උනා ඒ දවස්වල. ඒත් අද කාගෙවත් කිසිම වැරැද්දක් නැතුව දෙන්න වෙන් වෙලා. ජීවිතෙ එහෙම තමයි. චැට් එකෙන් ඕෆ්ලයින් යන්න පුළුවන් උනත් ආදරෙන් අපිට ඕෆ්ලයින් යන්න බෑ.
එක්තරා කාලයක අපේ ජීවිතේ කොටසක්ම වෙලා අපි ලඟින් හිටපු, අපිත් එක්ක ජීවිතේ බෙදා ගත්තු, පණ වගේ ආදරය කරපු, අනාගතේ සැලසුම් කරපු යම් පුද්ගලයෙක් තවත් කාලයක නිකන්ම නිකන් අමුත්තෙක් වගේ, නන්නාඳුනන්නෙක් වගේ මඟදි හම්බෙලා වෙන් වෙලා යන්න පුළුවන්. ඒකයි ජීවිතේ හැටි. මේ සිදුවීමත් එක්ක මට මතක් උනේ ගුණදස කපුගේ මහත්තයා කියන මේ ගීතය කොච්චර යථාර්තවාදිද කියලා.

''නන්නාඳුනන ලෙසේ මඟ තොට යළිත් හමු වෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා''

Labels: edit post
11 Responses
  1. ජිවිතේ හෑටි ඔහොම තමයි හප්පෙ අමෙක හියවදි මගේ අතිට්ගෙත් මතක් උනා හපොයි මටත් ඔකමයි වෙලා තියෙන්නේ ..


  2. දුකා Says:

    ජීවිතේ කියන්නේ දිගු ගමනක් . .

    එක එක අය මුන ගැහෙනවා . .

    සමහර අය ටික කලක් එකට අපිත් එක්ක යනව . .

    සමහර අය මඟින් හැරිලා යනවා . . .

    ජීවිතේ ඔහොමයි . .

    මොනා වුනත් සත්‍යට මූන දෙන්න එපැයි සහෝ


  3. හ්ම්ම්,,, ආදරය කරද්දි නම් හිතන් නැ කවදවත් ඇත් වෙයි කියලා..එත් නොහිතපු වෙලාවක නොහිතාම ආදරය දාලා යනවා අපිව දරා ගන්න අමාරු මතකයක් දිලා..


  4. raala Says:

    නන්නාදුනන ලෙසේ මගතොට යලිත් හමු වෙලා.....
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා......


  5. ගොඩක් හොදයි ශශි අය්යා...


  6. දුකාගේ කතාවට යමක් එකත් කරන්නම්. ජීවිතේ කියන්නේ බස් එකක්. සමහර අය මුලදි නැගලා මගින් බහිනවා, සමහරු මගදි නැගලා මගදි බහිනවා, සමහරු මගදි නැගලා අන්තිමට බහිනවා. හැබැයි අපිට පේන්නේ මගදි නගින, මගදි බහින උං විතරයි. සමහර උන් මුලදී නැගලා අන්තිම වෙනකං ඉන්නවා. උන්ව අපිට පේන්නේ නෑ... :(

    හොඳ කතාවක්... ජය...


  7. Rockey_ssr Says:

    මේක කියවද්දි හිතට ගොඩාක් දැනුනා ශෂියො සිරාවටම... :S ඇත්ත ඒක තමයි වගේ... මොනා කරන්නද හැමදාම අපි කැමතිම දේවල්ම විතරක් ලැබෙනවනම් කොච්චර සතුටුද හිතට... එත් එහෙම වෙන්නෙ නෑනේ... :|


  8. ශශී Says:

    කියවා රසවිඳ ප්‍රතිචාර දැක් වූ ඔබ සියළු දෙනාටම ස්තූතීයී.....


  9. ජීවිතේටත් undo button එක්ක තිබ්බානම්..


  10. ශශී Says:

    එහෙනම් අපිට ගොඩාක් දේවල් තියෙනවා නෙ නෙරංජි undo කරන්න :)


  11. මේව හරිම දුක කතා. අත්විඳපු උන් තමයි දුක දන්නේ!


Post a Comment