ශශී
නුඹෙ පුංචි වෙනසකින්
මහමෙරක් තරමට
හිතට දුක් දැනෙන කොට
රෑ ඇඳේ තනිවෙලා
කොට්ටයට දුක කියන්
හිත හදා ගන්න  ඕනෙ මට...
නුඹෙ හිතට දුක් නොදී

දුක් කඳුළු හද දරන් 
නිදි නැතිව රැය පුරා
උහුලන්න ඕනෙ මට.....
නෙත් අගින් කඳුළු වී
ගලන දුක් ගංගාව
දරන්න හැකි වේවි
දුක හොඳට හුරුයි මට....
ඒත් හිත නුඹට බැඳුනු තරමට
ඒ දුක ඉවසන්න බෑ මට...
                           
Labels: edit post
18 Responses
  1. මම Says:

    ම්ම්ම් මොනාද කියන්නේ....මම.ගොඩාක් ලස්සනට ලියලා තියෙනවා.ඇත්තමයි...ඒත් කියවද්දී දුක හිතුනා.....


  2. youtube Says:

    ගොඩක් ලස්සන නිර්මාණයක්..


  3. ශශී Says:

    @ මම - ගොඩාක් ස්තූතීයි සහෝදරිය...
    @ සුදේශ් - ස්තූතීයි සුදේශ්..


  4. අඩෝ...සිරාවටම මැක්සා බන්...මගේ සුභ පැතුම්..තව ලියහන්.. :)


  5. ශශී Says:

    @ ♠GaŋGster♠™- ඔබේ අවංක ප්‍රතිචාරයට ස්තූතීයි මචං.....


  6. හුගාක් ලස්සන නිර්මානයක්......ඔයට විතරක් නෙවෙයි..අපි හැමොටම මේ දුක පොදුයි...


  7. ආදරයේ වේදනාව මොනවට කියාපාන නිර්මාණයක්....:(


  8. මරු මරු ඔහොම යං... ඔහොම යං...


  9. ශශී Says:

    @ ඉලංදාරියා - @ Shadow/හේමලයා - @ පොඩි මෑන් - ඔබ තිදෙනාටම ගොඩක් ස්තූතීයී.......


  10. Jay Says:

    ගොඩක් ලස්සන නිර්මාණයක්.


  11. ශශී Says:

    @ ansh - බොහෝම ස්තූතීයී අක්කෙ.....


  12. Unknown Says:

    අතීතෙෙය් ෙව්දනාත්මක සිදුවීම් අපි හැෙමා්ටම ෙලාකු දුකක් මචං..


  13. ශශී Says:

    @ krishan - හැබැයි මේක නම් අතීත කතාවක් නෙමේ ....හැබැයි අතීතයට එකතු වෙන කතාවක් වෙයි.....


  14. Rockey_ssr Says:

    ලෝකෙ තියෙන හැමදෙම නැති වෙනවා මචන්... අපි ආදරේ කරන තරම් අපිටත් අනිත් අය ආදරේ කරනවනම් කවදාවත් මේ ලෝකෙ දුක විරහව කියන දේ නැති සුන්දර තැනක් වේවි... :-(


  15. love...... Says:

    don't love honey........
    love is painful......


  16. ශශී Says:

    @ rockey_s - හැබැයි එහෙම උනානම් මේ වගේ කවි සිතිවිල්ලක්වත් පහල වෙන්නෙ නෑනේද බං?
    @ love - yes sometimes..............



  17. shashi Says:

    thanks gabadawa-----


Post a Comment